පොලිස් අංක 01 නිල ඇඳුමින් සැරසී අධිකරණයට යන අතරවාරයේ කිරිල්ලවල කොකිස්කඩේ හන්දිය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට නිල ඇඳුම පිටින්ම ගොස් එහි සේවාව ලබා ගැනිමට සූදානම් වූ බව කියන සැරයන්වරයෙක් සම්බන්ධව විමර්ශන ආරම්භ කිරීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම පොලිස් සැරයන්වරයා තුනටියේ වේදනාවක් ඇතැයි පවසමින් එම සම්බාහන මධ්‍යස්ථානයට නිල ඇඳුම පිටින් ඇතුළු වී සේවාව ලබා දෙන ලෙස ඉල්ලා ඇතත් එහි කාන්තාවක් ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
මෙහදී සැරයන්වරයා සහ සම්බාහන මධ්‍යස්ථානයේ සේවිකාවන් අතර වචන හුවමාරුවක් ද සිදුවී තිබේ.
අනතුරුව යක්කල පොලිසියට කළ දැනුම් දීමකින් පසු එහි නිලධාරීන් සම්බාහන මධ්‍යස්ථානයට පැමිණ පොලිස් සැරයන්වරයා යක්කල පොලිසියට රැගෙන ගොස් ඇත.
අනතුරුව නිල ඇඳුම පොලිස් භාරයට ගෙන ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් පසුව ඔහු මුදා හැර තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…