ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ නායකත්වයෙන් යුතුව සන්ධානයක් පිහිටු තිබෙනවා.
‘මානුෂීය ජනතා සන්ධානය’ ලෙසින් එය නම් කර ඇති අතර ලබන 20 දා සවස 2.00ට කොළඹ ලක්ෂමන් කදිරගාමර් ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ එය එළි දැක්වීමට නියමිතයි.
සිවිල් සංවිධාන හතළිහකට ආසන්න සංඛ්‍යාවක් නව සන්ධානයට සහයෝගය ලබාදීමට කැමැත්ත පළ කර ඇති බවයි සන්ධානයේ මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
එමෙන්ම උතුරු නැඟෙනහිර සහ කඳුකරයේ ලියාපදිංචි පක්ෂ නව සන්ධානය සමග ගිවිසුම් අත්සන් කිරීම ද මෙදිනම සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව නව සන්ධානයේ ප්‍රතිපත්තිවලට ප්‍රධාන පක්ෂයක් එකඟ වුවහොත් ඔවුන්ට සන්ධානයේ සහයෝගය ලබාදෙන අතර එසේ නොවුණහොත් ජාතික මැතිවරණයේ දී මානුෂීය ජනතා සන්ධානයේ නායකයා ලෙස දයාසිරි ජයසේකර ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කරන බවද සඳහන්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…