මහේෂි මදුශංකාට එරෙහිව රේනෝ සිල්​වා නඩු මඟට!

හිරු TV ආයතනයට සහ එහි සභාපති රේනෝ සිල්වා මහතාට අපහාස වන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් මහේෂි මදුශංකා නමැති රංගන ශිල්පිනියට එන්තරවාසි භාර දීමට හිරු TV සහ රේනෝ සිල්වා මහතා වෙනුවෙන් සුදත් පෙරේරා ඇසෝසියේට් නීතිඥ සමාගම කටයුතු කර තිබෙනවා.

හිරු TV ආයතනයේ වැඩසටහනක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා පළ කළ වීඩියෝවක් මූලික කරගනිමින් ඇය මෙම අපහාසත්මක යැයි කියන ප්‍රකාශය සිදු කරනු ලැබුවා.

ඒ අනුව හිරු TV හි කීර්ති නාමයට සිදුව ඇති හානිය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් සහ රේනෝ සිල්වා මහතාගේ කීර්ති නාමයට සිදුව ඇති අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන 10ක වන්දි මුදල් ඉල්ලමිනුයි මෙසේ එන්තරවාසි භාර දීමට කටයුතු කර ඇත්තේ.

හිරු මාධ්‍ය ජාලයේ සමාජ මාධ්‍ය ගිණුම් තුළ පළ වූ වීඩියෝවක් හරහා තරුණයෙකු අපහසුතාවට පත් වූ බව ඇය පවසා සිටියා.

එමෙන්ම ඒ හේතුවෙන් ඔහු සිය දිවි නසාගැනීමට පවා හැකි බව පවසමින් මහේෂි මදුශංකා විසින් පළ කළ සමාජ මාධ්‍ය සටහන්වලට බොහෝ ප්‍රතිචාර ලැබී තිබුණා.

එම විරෝධයන්ට ප්‍රතිචාර ලෙස ඇය හිරු මාධ්‍ය ජාලයේ සභාපතිවරයාගේ පුද්ගලික ජීවිතයට අදාළ කරුණු පිළිබඳව මෙලෙස අපහාසාත්මක යැයි සඳහන් ප්‍රකාශ සිදු කරනු ලැබුවා.

කෙසේවෙතත්, එම සිදුවීමට පාදක වූ තරුණයා පසුව සිය පුද්ගලික ෆේස්බුක් ගිණුමේ සජීව වීඩියෝවක් පළ කළා.

එහිදී ඔහු පැවසුවේ තමන් සියදිවි හානිකර ගැනීමට තරම් ළාමක මානසිකත්වයක් ඇති පුද්ගලයෙකු නොවන බවයි.

එමෙන්ම අදාළ නාලිකාවට තමන් දෝෂාරෝපණය නොකළ බවත් ඔහු සඳහන් කළා.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මේ පිළිබඳව කිසිවෙකුගේ මැදිහත්වීමක් අපේක්ෂා නොකරන බවයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago