ක්‍රිකට්

අවසන් එක්දින තරඟයට කණ්ඩායම් දෙකේ වෙනස්කම් රැසක් – ඩිල්ශාන්ගේ කෝටි 17ක IPL ගිවිසුමත් අවදානමේ!

ඒ, ඔහු දෙවැනි එක්දින තරගයේ දී මුහුණ දුන් වම් පාදයේ ආබාධය (left hamstring injury) හේතුවෙන්.

ඒ අනුව ඔහු බංග්ලාදේශ සංචාරයේ ඉතිරි තරග වෙනුවෙන් ක්‍රීඩා නොකරන බවත්, ඔහු යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා. මෙරටට පැමිණීමෙන් පසුව ඔහු සිය ආබාධය සම්පූර්ණයෙන් සුව කර ගැනීමට අවශ්‍ය පුනරුත්තාපන කටයුතුවල නිරත වීමට නියමිතයි.

දෙවැනි එක්දින තරගයේ දී ඔහු පන්දු යවමින් සිටියදීයි අදාළ ආබාධයට මුහුණ දුන්නේ.

අනතුරුව මුහුණ දුන් වෛද්‍ය පරීක්ෂණවලදී (MRI scan) ඔහුගේ ආබාධය පිළිබද වැඩිදුර තොරතුරු අනාවරණය වී තිබෙනවා. ආබාධය නිසා ඩිල්ශාන් මදුෂංක දෙවැනි එක්දින තරගයේ දී යොමු කළේ පන්දුවාර 6.4 ක් පමණයි. එහිදී ලකුණු 30 කට කඩුලු දෙකක් දවා ගැනීමට ද ඔහු සමත් වුණා.

තරගාවලියේ පළමු තරග දෙකේ දී ම පළමු පන්දුවාරයෙන්ම ඔහු කඩුල්ලක් දවා ගැනීමට සමත් වූ අතර, ඒ අනුව ඔහුගේ අහිමි වීම තෙවැනි තරගයේ දී ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති.

එළඹෙන 22 වැනිදා ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ද ඩිල්ෂාන් මදුෂංක ක්‍රීඩා කිරීමට නියමිතව ඇතත්, මෙම ආබාධය නිසා ඔහුට අයි.පී.එල් තරගාවලියේ ද පළමු සති කිහිපයේ තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති.

ඔහුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ක්‍රීඩක වෙන්දේසියේ දී මිලදී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 4.6 ක මුදලකටයි. එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 17 ක පමණ මුදලකටයි.

මේ අතර බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක ටන්සිම් හසාන් සකිබ්ටද ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත අවසන් එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ පාදයක සිදුව ඇති ආබාධයක් හේතුවෙන්. දෙරට අතර පැවැති පළමු එක්දින තරගයේ දී ශ්‍රී ලංකාව පරාජයට පත් කිරීම සදහා ඔහු සුවිශේෂී කාර්යයක් ඉටු කළ අතර, ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු තුනම දවා ගත්තේ ඔහු විසිනුයි.

එම තරගයේ දී පන්දුවාර 8.4 ක් පමණක් ඔහු යොමු කළේ ද පාදයක ආබාධයකට ලක් වීම හේතුවෙන්.

කෙසේ වෙතත්, දෙවැනි එක්දින තරගය සදහා ද ඔහු ක්‍රීඩා කළ අතර, එම තරගයේ දී ඔහු ලකුණු 65 කට දවා ගත්තේ එක් කඩුල්ලක් පමණයි.

ටන්සිම් හසාන් සකිබ්ගේ ඉවත් වීමත් සමඟ බංගලාදේශ සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක හසාන් මහ්මුද් ආදේශ කිරීමට බංග්ලාදේශ තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

මේ අතර බංගලාදේශ කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු ලිටෝන් දාස්ට ද සිය කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබෙනවා. තෙවන තරගය සඳහා වන සංචිතයෙන් ඔහුව ඉවත් කොට අදාළ ආදේශක ක්‍රීඩකයා ලෙස බංගලාදේශ නවක පිතිකරු ජාකර් අලී කැඳවා තිබෙනවා.

ලිටෝන් දාස් හට අලුත් පන්දුවට මුහුණ දීමේ ගැටළුවක් පවතින බවත් ඔහුව ඩකා ප්‍රිමියර් ලීගයේ තරග සඳහා යොමු කොට ඇති බවත් කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් දන්වා තිබුණා.

තෙවැනි හා අවසන් එක්දින තරගය මෙරට වේලාවෙන් හෙට(18) පෙරවරු 9.30 ට චිතගොංහී දී ආරම්භ වීමට නියමිතයි. මේ වන විට තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම තරගාවලියේ සම මට්ටමේ පසුවනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago