පාසල් සිසුවෙකුට පහරදුන් දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අදාළ පාසල් සිසුවාගේ මව චෝදනා කරන්නේ පහරකෑමට ලක්වු තම පුත්‍රයා දින පහක් තිස්සේ රෝහල්ගතකර සිටිමුත් සැකකාර මන්ත්‍රීවරයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවටය.
පසුගිය 11 වනදා පාසල නිමවී සිය නිවස වෙත යමින් සිටියදී සැකකාර හිටපු මන්ත්‍රීවරයා බාඳුරාගොඩ නගරයේදී සිසුවාට පහරදී ඇත.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවෙකි.
පොලීසිය පවසන්නේ පහරදීමෙන් අනතුරුව සැකකාර මන්ත්‍රීවරයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවය.
මේ අතර මීට පෙර අවස්ථාවකදී සංවර්ධන නිලධාරිනියකට ඉන්ධන පිරවුම්හලක් තුළදී පහරදීම සම්බන්ධයෙන් ද අදාළ සැකකාර මන්ත්‍රීවරයාට චෝදනා එල්ලවී තිබුණි
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…