ශ්‍රී ලංකා

රටේ ඉහළම ධනවතුන්ගේ බදු ගැන හොයන්න ධනවතුන්ගේ ඒකකයක් !

රටේ බදු පරිපාලනය පිළිබඳ සාධාරණත්වය සහ විශ්වාසය යළි ඇති කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස ඉහළ ධනවත් පුද්ගලයන්ගේ බදු අනුකූලතාව සහතික කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉහළ ධනවත් පුද්ගලයන්ගේ ඒකකය නමින් වෙනම කාර්යාලයක් පිහිටුවා තිබේ.

විශාල බදු ගෙවන්නන්ගේ කාර්යාලයේ පිහිටා ඇති දස දෙනෙකුගෙන් යුත් මෙම ඒකකය, තෝරාගත් ධනවත් පුද්ගලයන් සංඛ්‍යාවක් සම්බන්ධ කර ගන්නා අතර ඔවුන් සහ ඔවුන්ගේ උපදේශකයන් සමඟ එක්ව බදු වාර්තා ගොනු කිරීමේදී තොරතුරු යාවත්කාලීන බව සහතික කිරීමට කටයුතු කරනු කිරීම එහි පළමු පියවර බව

නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය.

ධනවතුන්ගෙන් සාධාරණ බදු කොටසක් දායක කර නිවැරදි බදු ප්‍රමාණය ගෙවීමට වග බලා ගැනීම සේම ඉහළම අවදානම් ඇති අවස්ථා පිළිබඳ විගණන සිදු කිරීම, අමතර අවදානම් තක්සේරු කිරීම සහ ධනවත් බදු ගෙවන්නන්ගේ තොරතුරු පවත්වාගෙන යෑම සිදුකිරීමට දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

සිදුවිය හැකි බදු නොගැළපීම් හඳුනා ගැනීමට ඉහළ ධනවත් පුද්ගලයන්ගේ ඒකකය වෙත උපකාර වන තොරතුරු වෙත ප්‍රවේශ වීම සඳහා දෙපාර්තමේන්තුව දේශීය හා අන්තර්ජාතික සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බැංකු, මූල්‍ය බුද්ධි ඒකකය සහ අනෙකුත් බදු පරිපාලනයන් සමඟ එක්ව රටවල් 45ක් සමඟ ඇති පුළුල් ගිවිසුම් ජාලය හරහා ධනවත් පුද්ගලයන්ගේ බැංකු වාර්තා සහ හෙළි නොකළ හැකි වත්කම් හඳුනාගැනීම සඳහා සමීපව කටයුතු කරනු ඇති බව එම නිවේදනයේ දැක්වේ.

“මේ හරහා, රට මුහුණ දී සිටින තීරණාත්මක සමාජ-ආර්ථික ගැටලු ජය ගැනීම සඳහා රජයේ ආදායම් එකතු කිරීමේ ප්‍රයත්නයන්ට සහභාගී වීමට සහ දායක වීමට ඔවුන්ගේ කැමැත්ත වැඩි කිරීමට අපි බලාපොරොත්තු වනවා ,” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.

දැනට ඉහළ ධනවත් පුද්ගලයන් පිළිබඳ පැහැදිලි නිර්වචනයක් නොමැති බැවින්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් දේපළ වෙළඳාම්, මූල්‍ය බුද්ධි ඒකක වාර්තා, බැංකු ගිණුම් විස්තර සහ ගිවිසුම් හවුල්කරුවන්ගේ තොරතුරු වැනි තෙවැනි පාර්ශ්ව දත්ත ඇතුළු අනෙකුත් දත්ත මූලාශ්‍ර සමාලෝචනය කරමින් විවිධ ප්‍රවාහවලින් වැඩිම වාර්තාගත ආදායමක් ඇති බදු ගෙවන්නන් 100 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හඳුනා ගැනීමට සැලසුම් කර තිබේ.

දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙම කාර්යය ප්‍රගතියත් සමඟ සමාලෝචනය සහ අඛණ්ඩ අධීක්ෂණය සඳහා වෙනත් පුද්ගලයන් කණ්ඩායමට එක් කරන බවයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago