සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා තමන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව දන්වා තිබෙනවා.
ඔහු සඳහන් කරන්නේ දූෂිත ක්‍රියාවල නිරත වූ හෝ අයථා කළමනාකරණයේ යෙදුණු පුද්ගලයන්ට එරෙහිව පිළිගත හැකි ක්‍රියාමාර්ගයක් අනුගමනය කර නොමැති බවත් පොලිසිය, CIABOC සහ නීතිපති ඇතුළු අදාළ බලධාරීන් වෙත සෘජුව යොමු කිරීමෙන් කෝප් කමිටුවට කරුණු විමර්ශනය සඳහා යොමු කිරීමට සහ අධිකරණමය වශයෙන් ක්‍රියාත්මක කිරීමට ඉඩ සලසන ස්ථාවර නියෝග සංශෝධන කිරීමට රජය අවසර දී නොමැත බවත් නිසා කෝප් කමිටුවේ අකාර්යක්ෂමතාව ගැන මහජනතාව කලකිරීමට පත්ව තිබෙන බවයි.
එතුමා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කෝප් කමිටුවට පත් කර ඇති සාමාජිකයින්ට ඔවුන්ගේ පෞද්ගලික හැසිරීම් සම්බන්ධයෙන් සහ විශේෂයෙන්ම මුල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම කෝප් කමිටුවේ සාමාජිකයකු වශෙයෙන් කටයුතු කිරීමට අතෘප්තියට කරුණක් බවත්ය.
ඒ පිළිබඳව වන ලිපිය ඔහු විසින් කතානායකවරයා වෙත භාරදුන් බවයි ඔහු මාධ්‍ය හමුවක දී සඳහන් කළේ.
එම ඉල්ලා අස්වීමේ ලිපිය පහතින් අමුණා ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…