ශ්‍රී ලංකා

ගෝඨාගේ හිටපු ශාරීරික පුහුණු උපදේශකයෙක් කුඩුත් සමග මාට්ටු – පාතාලයට සම්බන්ධදැයි සොයා විශේෂ විමර්ශනයක්!

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ශාරිරික පුහුණු උපදේශකවරයෙකු ලෙස කලක් කටයුතු කළ බව කියන හිටපු කොමන්ඩෝ සෙබලෙක් මහනුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මත් කුඩු සමග අත් අඩංගුවට ගෙන තිබේ.
හෙරොයින් ග්‍රෑම් දෙකක් සමග මෙසේ අත් අඩංගුවට ගෙන ඇති කොමන්ඩෝ සෙබලා විනය කඩ කිරිම් ගණනාවක් මත යුද හමුදාවෙන් ඉවත් කිරීමෙන් අනතුරුව පසු කාලයේ දී පාතාලය හා සම්බන්ධ වෙමින් මත්කුඩු ජාවාරමේ යෙදි ඇතැයි විමර්ශන අංශ හෙළි කරගෙන ඇත.

මෙම හිටපු කොමාන්ඩෝ සෙබලා දක්ෂ වෙඩික්කරුවෙක් බවත්, කොමාන්ඩෝ පුහුණුවේ දි දක්ෂම සෙබලුන් දස දෙනා අතරසිටි තරුණ සෙබලෙක් බවත් විමර්ශන අංශ කියයි. මේ වනවිට මෙම පුද්ගලයා පාතාල ඝාතන සඳහා සම්බන්ධ වී ඇතිදැයි යන සැකය මත පරීක්ෂණ සිදුකරන බව පොලිසය පවසයි.

අධිකරණයට කරුණු වාර්තා කර ලබා ගත් රැඳවුම් නියෝග මත මේ වනවිට ඔහු සම්බන්ධ ඉදිරි විමර්ශන ආරම්භ කර ඇත.

.කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක ගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක වීරරත්න, උප පොලිස් පරීක්ෂක බණ්ඩාර, පොලිස් සැරයන් 32874 ජයවර්ධන සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago