ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර එළබෙන සිකුරාදා (22දා) ආරම්භ වීමට නියමිත තරග 02කින් ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීම වනිඳු හසරංගට අයි.සී.සී. විසින් තහනම් කර තිබෙනවා.
ඒ ඔහු බංග්ලාදේශයට ඊයේ (18දා) පැවැති තෙවැනි එක්දින තරගයේදී විනිසුරු තීරණයට විරෝධය දැක්වීම හේතුවෙන්.
බංග්ලාදේශ ඉනිමේ 37 වැනි පන්දුවාරයේදී මෙම සිදුවීම සිදුව තිබෙනවා.
එහිදී ඔහු විනිසුරු ලබාදුන් තීරණය අප්‍රසාදයට ලක්කර ඔහුගේ තොප්පිය, විනිසුරුවරයාගෙන් උදුරා ගනිමින් විනිසුරුවරයා සමච්චලයට ලක් තිබෙනවා.
මෙය ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.8 වගන්තිය වන ‘අන්තර්ජාතික තරගයකදී විනිසුරුගේ තීරණයට විරෝධය දැක්වීම’ කඩ කිරීමක් බව අයි.සී.සී.ය පෙන්වා දෙනවා.
අයි.සී.සී. නීති රාමුව අනු වෙවැනි වරදකට ලබාදෙන සාමාන්‍ය දඬුවම වන්නේ අදාළ ක්‍රීඩකයා ඔහු ක්‍රීඩාකරන ආසන්නම තරග දෙක ක්‍රීඩා කිරීමට වාරණයක් පැනවීමයි.
ඒ අනුව වනිඳු ටෙස්ට් තරගාවලිය නම් නොකර තිබුණානම් බොහෝ දුරට එම තහනම, එළබෙන විස්සයි20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකර පළමු තරග දෙකට අදාල වීමට ඉඩ තිබුණි.
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකර පළමු තරග දෙක ඇත්තේද බංග්ලාදේශය හා දකුණු අප්‍රිකාව අතරය.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය ඊයේ ප්‍රකාෂයට පත්කළ අතර, ඊට ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගෙන සිටි වනිඳු හසරංග නම් කිරීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…