එෆ්. එල්. 4 බලපත්‍රය යටතේ සුරාසැල් බලපත්‍ර 200ක් දෙන්නට සැලසුම් කර ඇති බවත් ඉන් 15ක් මේ වන විටත් ලබා දී ඇති බවත් ඒ සඳහා කෝටි 2ක කප්පම් මුදලක් ලබා ගැනීමක් සිදුවන බවට වාර්තා වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය.
එසේම මත්පැන් නිෂ්පාදන බලපත්‍ර 6ක් ද දැනට ලබා දී ඇති බවත් සුරාබදු කොමසාරිස් ජනරාල් ගුණසිරි නැමැත්තා නැවත පත් කර ඇත්තේ මේ සඳහා බවත් ඡන්දයට මුදල් එකතු කිරීමක් ද කියා සැක සහිත බැවින් මෙහි සත්‍යතාව අනාවරණය කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් විමසා සිටින්නේ රටේ 41ක් ලක්ෂයක් වූ පාසල් දරු පරපුර වෙනුවෙන් බවත් තමා වරප්‍රසාදවලට යට වී බොරු නොකියන බවත් මේ කියන දේ වගකීමෙන් කියන බවත් මේ අනීතික බලපත්‍ර සියල්ල සමගි ජන බලවේග රජයක් යටතේ නැවත ලබා ගන්නා බවත් මේ සම්බන්ධ අංගසම්පූර්ණ පරීක්ෂණයක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…