ශ්‍රී ලංකා

ආණ්ඩුව ලිංගික අධ්‍යාපනයට මුල් පියවර තබයි – සෙක්ස් උගන්නන පොත් සහ පෑඩ් නොමිලේ බෙදයි !

පාසල් සිසුන්ගේ ලිංගික අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා ක්‍රමවේද රැසක් ක්‍රියාත්මක කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ මේ සඳහා අතිරේක කියවීම් පොත් 4ක් පාසල් පුස්තකාල වෙත ලබාදී ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

16+ යෞවනයට ආමන්ත්‍රණය” නමින් ලිංගිකත්ව අධ්‍යාපනය පිළිබඳව අතිරේක කියවීම් පොතක් පාසල් පුස්තකාල සඳහා සකස් කර බෙදාහැර ඇත. ඊළඟට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 6 සිට ඉහළ ශ්‍රේණිවල සිසුන් සඳහා “මල්සමය ළඟයි”, 9,10,11 ශ්‍රේණි සඳහා “14+ අසිරිමත් නව යෞවනය” 6,7 ශ්‍රේණි සඳහා “12+ නව යොවුන් වියට පා තබමු” ලෙස සකස් කර ඇති අතිරේක කියවීම් පොත් මගින් ආර්ථව සෞඛ්‍ය පිළිබඳව සිසුන් දැනුවත් කිරීම සහ E තක්සලාව මගින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙබ් පිටුවද ඇතුළත් කර ඇත.

නවතම වාර්තා අනුව අවුරුදු 12ත් 47ත් අතර සියයට 40ක් පමණ පිරිසක් නිසි සෞඛ්‍ය ක්‍රමවේද භාවිත කරන්නේ නෑ කියලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම දරුවන්ගෙන් මේ වැඩේ පටන්ගත්තොත් යම් කාලසීමාවක් තුළදී දැනුවත් කිරීමක් කරගන්න පුළුවන්, ඒ නිසා මම අමාත්‍ය මණ්ඩලයට සංදේශය ඉදිරිපත් කරලා සුභසාධනය සඳහා වෙන්කරලා තියෙන මුදල්වලින් ඒ සඳහා මුදල් වෙන්කරවාගෙන වැඩසටහන් අපි ඉදිරිපත් කළා. ලබන සතියේ ඒක අනුමත වේවී. ඒ අනුව අපි සූදානම් වෙනවා 6 ශ්‍රේණියෙන් ඉහළ දරුවන් ට වවුචරයක් ලබාදීලා ඒ වගේම අපි නිර්දේශ කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයත් SLS එකත් අධ්‍යාපන අමාත්‍යාංශයත් එකතුව කමිටුවක් දාලා මේ වෙනකොට සාකච්ඡා කරලා නිර්දේශ කරලා තියෙනවා. ප්‍රමිතියෙන් යුතු සනීපාරක්ෂක උපකරණ මිලදීගැනීමට අවස්ථාව දෙන්න, වවුචරයක් දෙන එක පහසුයි

මීට පෙර ද මෙවැනි උත්සහයක් දැරු අවස්ථාවේදී මැදගොඩ අබේතිස්ස වැනි චීවරදාරියන් විසින් එම උත්සහය වැලැක්වීමට කටයුතු කිරීය.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago