සිංහරාජ රක්ෂිත වනාන්තරය ආශ්‍රිතව ජීවත් වන වන අලි දෙදෙනාගෙන් එක් අලියකු වසර එකහමාරක කාලයක සිට දක්නට නොලැබුණු බව සිංහරාජ රක්ෂිතයට අනුයුක්ත වනජීවී නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇත.
ඔවුන් පවසන්නේ, මෙම පිරිමි අලි දෙදෙනා සාමාන්‍යයෙන් රක්ෂිතයෙන් පිටතට පැමිණෙන බවයි.
එහෙත් ගෙවී ගිය වසර එකහමාර තුළ ගම්වාසීන්ට දැකගත හැකිව ඇත්තේ, ගෙලෙහි පටියක් පැළඳ සිටින එක් අලියෙකු (අවුරුදු 45 ක් පමණ) පමණි.
සිංහරාජ රක්ෂිතයේ සිටින අලි ආහාර සඳහා දෙනියාය සහ නෙළුව ප්‍රදේශවලට ගමන් කරති.
සිංහරාජ වනාන්තරයට අනුයුක්ත වනජීවී කාර්යාලයේ නිලධාරීන් අතුරුදන් වූ අලියා සම්බන්ධයෙන් සෝදිසියෙන් සිටින අතර, එම සත්වයා අනෙක් අලියාට වඩා වයසින් වැඩි බව පැවැසේ.
කලවාන සම්බන්ධිකරන රැස්වීම අමතා කතා කරමින් අදහස් දැක්වූ වනජීවී නිලධාරී සරත් විජේතුංග ප්‍රකාශ කළේ,
පසුගිය වසරක පමණ කාලයක් තුළ අපට නිරීක්ෂණය වන්නේ සිංහරාජ වනාන්තරයේ වෙසෙන සද්දන්ත ඇත් පරපුරේ එක හස්තියෙක් පමණයි . කරපටි පැළදි වන අලියා පමණක් දක්නනට ලැබෙනවා. අනෙක් අලියා අපට හෝ ප්‍රදේශවාසින්ට දිගු කාලයක සිට දක්නනට ලැබිලා නැහැ . සිංහරාජය වනාන්තරය තුළ ජීවත්ව සිටි අලි දෙදෙනා මෙම අලි දෙදෙනායි . මේ වන විට අපට දක්නනට ලැබෙන කරපටි පැළදි අලියා මද කිපුණු ස්වභාවයක් පෙන්නුම් කරන අතර සිංහරාජ ආශ්‍රිත ග්‍රාම සීමාවල දක්නට ලැබෙනවා .සිංහරාජ වන අලි මේ ප්‍රදේශයේ සිට ගාල්ලේ දෙනියාය, නෙළුව ප්‍රදේශය දක්වා සැරිසරනවා. කලකට පෙර සිංහරාජ ලදු කැලෑ හා පරිවාර වන ලැහැබ වල හස්තියෙන් තිදෙනෙකු දක්නට ලැබුණත් දැනට දර්ශනය වන්නේ එක් හස්තියෙක් පමණයි . දැනට අතුරුදහන්ව පවතින අලියා පිළිබඳව කෝපි කෑල්ල වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් සෝදිසියෙන් සිටිනවා. “
යනුවෙනි.
මේ අතර, අලි ඇතුන් ගැවසෙන ප්‍රදේශ ආක්‍රමණය කර ඔවුන් හේන් වගාව සඳහා යොදාගෙන ඇති බවත්, ඒ හේතුවෙන් අලිමංකඩ අවහිර වී ඇති බවත් නිලධාරීහු පවසති.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…