ශ්‍රී ලංකා

උත්සව සමයේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව !

එළැඹෙන උත්සව සමයේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව, සාධාරණ මිලට ලබා ගැනීමට හැකි පසුබිමක් නිර්මාණය කර තිබෙන බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ, “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් අද (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනුයි.

ගොවියත් පාරිභෝගිකයත් සුරැකෙන ක්‍රමවේදයක් ඔස්සේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද මෙහිදි රාජ්‍ය අමත්‍යවරයා සඳහන් කර සිටියා

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කර සිටියේ ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සඳහා මස් සහ බිත්තර නිෂ්පාදනයෙන් රට ස්වයංපෝෂිත කර තිබෙන බවත් සත්ව නිෂ්පාදනය සහ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට රජය නව වැඩපිළිවෙළවල් කිහිපයක් ක්‍රියාත්මක කර ඇති බවත්ය.

ඒ අනුව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ පළාත් සභා 9 එක්ව සත්ත්ව පාලනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් කටයුතු කර ඇති අතර ප්‍රංශ ආධාර ඇතිව කිරි නිෂ්පාදන වැඩි කිරීම සඳහා කර්මාන්තශාලා 6ක් විවෘත කිරීමට සැලසුම් කර තිබෙන බවත් ඉන් කර්මාන්තශාල 3ක් මේ වනවිට විවෘත කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ජාතික අලුත් සහල් මංගල්‍යය ලබන මාසයේ 6 වෙනිදා ශ්‍රි මහ බෝ සමිඳුන් අභියසදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago