ශ්‍රී ලංකා

විපක්ෂය නැතුව සභාපති රෝහිත අබේගුණවර්ධනගේ පළමු කෝප් රැස්වීම පැවැත්වෙයි !

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළේ, රාජ්‍ය ආයතන 363ක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) හමුවට කැඳවිය හැකි නමුත් ආයතන 102ක් මේ දක්වා කාරක සභාව හමුවට කැඳවා නොමැති බවයි.

ඔහුගේ ප්‍රධානත්වයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ඊයේ (19) රැස්වූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා බව සඳහන් කළේය.

නව සභාපතිවරයා යටතේ මෙලෙස පළමු වරට කෝප් කමිටුව රැස්වන ලද්දේ, රෝහිත අබේගුණවර්ධන එම තනතුරට සුදුසු නැති බව පවසමින් කෝප් කමිටුවෙන් සාමාජිකයන් 10 දෙනකු ඉවත්ව ඇති පසුබිමකට

කාරක සභාව ආරම්භ වීමට පෙර සභාපතිවරයා විසින් කෝප් කමිටුවේ අරමුණු සහ කාරක සභාව මෙතෙක් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ සම්පූර්ණ ඉදිරිපත් කිරීමක් සිදුකරන ලදී.

කෝප් කමිටු ඉතිහාසයේ නව සභාපතිවරයකු මෙවැනි පැහැදිලි කිරීමක් කළ පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ.

2017 සහ 2018 වසර සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තා සහ වත්මන් කාර්ය සාධනය පරීක්ෂා කිරීම සඳහා ඊයේ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවා තිබිණි.

වසර 27ක් මුළුල්ලේ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව ලාභ ලබා ඇත්තේ වසර 4ක් තුළ පමණක් බව විගණකාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

දිගින් දිගටම පාඩු ලබන වැවිලි සංස්ථාව සතු තේ කර්මාන්ත ශාලා 10 න් 07ක්ම මේ වන විට අක්‍රියව පවතින බවද මෙහිදී අනාවරණය විය.

අක්‍රිය තේ කර්මාන්ත ශාලා නිෂ්පාදනය නැවත ආරම්භ කිරීමට හෝ බදු දීමට සංස්ථාව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව විගණනය පෙන්වා දුන්නේය.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago