ශ්‍රී ලංකා

මුලින්ම ජනාධිපතිවරණය ද ? මහ මැතිවරණය ද ? – ජනපති සහ බැසිල් අතර හමුවේදී සාකච්ඡා කළ දේ මෙන්න !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර ඊයේ (21) රාත්‍රියේ හමුවක් සිදුව තිබෙනවා.

එහිදී ප්‍රථමයෙන් මහා මහමැතිවරණයක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය බව බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව සඳහන්.

කෙසේවෙතත් මැතිවරණය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන්ව තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරණය ඇතුළු ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් ඇතිකරගැනීම සඳහා දෙපාර්ශවය ඉදිරියේදීත් තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළා.

එවන් පසුබිමක ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර මෙම හමුව සිදුවීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් මහා මැතිවරණයට ද? ජනාධිපතිවරණයට ද ප්‍රථමයෙන් යා යුත්තේ යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළ ගැටළු සහගත තත්ත්වයක් පැනී නැගි ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago