රුසියාවට බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක් – 60කට දිවි අහිමි වෙයි, 100කට වැඩි පිරිසකට තුවාල !

රුසියාවේ මොස්කව් නගරයේ රංග ශාලාවකට (Crocus City Hall ) කඩා වැඳුණු පස් දෙනෙකුගෙන් සමන්විත ත්‍රස්ත කල්ලියක් වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් ආසන්න වශයෙන් පුද්ගලයින් 60ක් පමණ මියගොස් 100කට අඩික පිරිසක් තුවාල ලබා ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කරනවා.

තුවාල ලැබූ ගණන කොපමණද, ත්‍රස්තවාදීන් කවුරුන්ද යන්න පිළිබඳව මේ දක්වා තොරතුරු වාර්තා කර නොමැත.

කෙසේ වෙතත් රුසියානු ප්‍රවෘත්ති ඒජන්සි පැවසුවේ, ගිලන්රථ සමඟ 70කගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සිද්ධිය සිදු වූ ස්ථානයට මේ වනවිට යවා තිබෙන බවයි.

මෙම එම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ එහි නර්තන තරගාවලියක් පැවැත්වෙමින් තිබූ බව සඳහන්ය.

කැලෑ සටන් ඇඳුම් ඇඳගනිමින් ත්‍රස්ත කණ්ඩායම නාට්‍ය ශාලාවට ඇතුළ්වන අයුරු දැක්වෙන වීඩියෝවක්ද මේ වනවිට සමාජ මාධ්‍ය සංසරණය වෙයි.

සිද්ධිය ඇසින් දුටු පුද්ගලයන් සහ ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදී එහි සිටි පුද්ගලයන් ගේ ජංගම දුරකථන මගින් පටිගත කළ වීඩියෝ දර්ශන අනුව පෙනීයන්නේ ප්‍රහාරය එල්ල කළ පිරිස එම ශාලාව තුළ රැඳී සිටි පිරිස් ඉලක්ක කරමින් ඉවක් බවක් නොමැතිව වෙඩි තබා තිබෙන බවයි.

මේ අතර ඇතැම් රුසියානු මාධ්‍ය වාර්තා කරන්නේ මෙම මිලේච්ජ ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදීන් පස් දෙනා සිය අරමුණ ඉටු කර ගැනීමෙන් පසු එම ස්ථානයෙන් ආරක්ෂිතව පලා ගොස් ඇති බවයි.

රුසියාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවට අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය මීට සති දෙකකට පෙර එරට රජයට අනතුරු අඟවා තිබිණි.

පහතින් දැක්වෙන්නේ ප්‍රහාරයට අදාළ වීඩියෝ කීපයකි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago