කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවත්වාගෙන යන මැක්ඩොනල්ඩ් (McDonald’s) අවන්හල් 12ක් පවත්වාගෙන යෑම ලබන 4 වැනිදා දක්වා වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
පිසූ ආහාර අලෙවිය සම්බන්ධයෙන් ලොව පුරා කීර්තියක් දිනාගත් සිය අවන්හල් ජාලයේ වෙළඳ නාමය යටතේ පවත්වාගෙන යන එම අවන්හල් ගිවිසුම් ප්‍රකාරව පිරිසිදුව හා සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන නොයන බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි McDonald’s මව් සමාගම චෝදනා කරන්නේ.
ඒ අනුව මව් සමාගම එකී ගිවිසුම් අවලඅංගු කරමින් සිදුකළ පැමිණිල්ලක් සලකා බලමින් විනිසුරුවරයා McDonald’s අවන්හල් පවත්වාගෙන යාම වළක්වාලමින් මෙම වාරණ නියෝගය නිකුත් කර තිබේ.
අඩුපාඩුකම් අවම කර ප්‍රමිතිය අනුව පවත්වාගෙන යන ලෙසට කළ දැනුම්දීම් දිගින් දිගටම නොසලකා හැර තවදුරටත් කටයුතු කිරීම නිසා පසුගිය 21 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි එකී බලයලත් අලෙවිකරුවන් සමඟ ඇතිකරගෙන තිබූ ගිවිසුම් අවසන් කළ බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතීඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා අධිකරණයට පැවසීය.
අන්තර්ජාලයට අනුව, මෙරට මැක්ඩොනල්ඩ්ස් නියෝජිතායතනය වන්නේ අබාන්ස් සමාගමට අනුබද්ධිත අබාන්ස් රෙස්ටුරන්ට් සිස්ටම් ආයතනයයි.
ඒ අනුව අබාන්ස් ආයතනය විසින් මෙතෙක් පවත්වාගෙන ගිය මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලය මේ වන විට මව් සමාගම විසින් ඉවත් කරමින් පවතින අතර නැවත දැනුම් දෙන තුරු අදාළ අවන්හල් වසා තැබීමට තීරණය කොට තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
Hoda wade pakayalata
Very good. These shitty business of Abans should know how to keep the quality n how to treat customers. So happy they are gone. Next should be KFC.