පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
2019 වසරේ සිදුවූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද යන්න තමන් දන්නා බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි ඔහු අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඇත්තේ.
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදුකළේ කවුදැයි තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහනුවරදී පසුගිය 22 වනදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළා.
කෙසේවෙතත්, ඊට පසුදින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ සති 03කට පෙර තමන්ට ලද තොරතුරකට අනුව එම ප්‍රකාශය කළ බවයි.
මෙම ප්‍රකාශය මත පදනම්ව හිටපු ජනාධිපතිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.
එවන් පසුබිමක් හිටපු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට නියෝග කරනු ලැබුවා.
ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැය 48 ක් ඇතුළත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දැනුම් දී ඇති බවයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…