ශ්‍රී ලංකා

ඒක පුද්ගල මාසික වියදමත් ඉහළට – අවම මාසික වියදම මෙන්න !

එක් පුද්ගලයෙකුගේ මාසික වියදම ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, නිල දරිද්‍රතා රේඛාව අනුවයි.

මේ වසරේ ජනවාරි මාසය තුළ එක් පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම රුපියල් 17,014ක් ලෙස ඉහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එම අගය සටහන් වී ඇත්තේ රුපියල් 16,524ක් ලෙසයි.

එක් පුද්ගලයෙකුට තම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මසකට වැය වන මුදල දිස්ත්‍රික් මට්ටමින් ගණන් බලා තිබෙනවා.

ඒ අනුව වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන පුද්ගලයින්ට බව එහි සඳහන්.

කොළඹ දිස්ත්‍රික්කයේ ඒක පුද්ගල මාසික වියදම රුපියල් 18,350ක් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ 18,256ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ 17,892ක් ලෙස සටහන් වී තිබෙනවා.

මොනරාගල දිස්ත්‍රික්කයෙන් අවම ඒක පුද්ගල වියදම වාර්තා වන අතර එය 16,268ක් බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago