ශ්‍රී ලංකා

මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රිය අනතුරකින් මිය යයි!

වවුනියාව ඕමන්ත කල්ලිකුලම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කේ.අකිලේන්ද්‍රන් වෛද්‍යවරයා ඊයේ ( 27 ) සවස මියගොස් තිබේ.

ඔහු ගමන් කළ කැබ් රථය වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී ටිපර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් පසුව වෛද්‍ය අකිලේන්ද්‍රන් කැබ් රථය තුළ සිර වූ අතර ඔහුව එළියට ගෙන වවුනියාව මහ රෝහලට ඇතුළත් කිරීමට පොලීසියට හා ගම්වාසීන්ට විශාල කාලයක් ගත වී තිබේ.

සිහිසුන්ව සිටි වෛද්‍යවරයාව ගිලන් රථයක ආධාරයෙන් වවුනියාව මහ රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඒ වන විට ඔහු මියගොස් සිට ඇත.

මේ නිසා එම අනතුරෙන් ත්‍රී රෝද රථයටද හානි සිදුව ඇත.

අනතුර හේතුවෙන් කැබ් රථයට සම්පූර්ණයෙන්ම හානි සිදුව ඇති අතර එහි ඉදිරිපස කොටස කුඩුපට්ටම් වී ගොස් තිබේ.

ටිපර් රථයේ රියදුරා අනතුරෙන් පසුව දිව ගොස් ඕමන්ත පොලීසියට බාර වී ඇත.

මියගිය කේ. අකිලේන්ද්‍රන් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මුලතිව් දිස්ත්‍රික්කයේ එම තනතුර බාර ගනීමට පෙර වවුනියව මහ රෝහලේ වෛද්‍ය අධිකාරී සහ සෙට්ටිකුලම වෛද්‍ය අධිකාරී තනතුර හොබවා තිබේ.

ඕමන්ත පොලීසිය සිද්ධි ය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago