ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සාර්ථකම නායකයා වන තිසර පෙරේරා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකත්වයෙන් සමුදීමට තීරණය කර තිබෙනවා.
මේ බව ඔහු එම කණ්ඩායම් කළමනාකාරීත්වයට දැනුම් දී ඇති බව සඳහන්.
2020 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගත් ජැෆ්නා ස්ටැලියන්ස් සහ ඉන් අනතුරුව අඛණ්ඩව ශූරතාව දිනාගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙස තිරස පෙරේරා කටයුතු කිරීමත් විශේෂත්වයක්.
ඉදිරියේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට නව නායකයෙකු පත් කරනු ඇති.
මේ අතර ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් තිලිණ කණ්ඩම්බි මීට පෙර ඉවත් වුණා.
2020 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගත් ජැෆ්නා ස්ටැලියන්ස් සහ ඉන් අනතුරුව අඛණ්ඩව ශූරතාව දිනාගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.
මෙරට ප්‍රිමියර් ලීග් තරගාවලියේ සාර්ථක පුහුණුකරුවා ලෙස තිළිණ කණ්ඩම්බි හඳුන්වා දිය හැකියි.
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 05 වන අදියර මෙම වසරේ ජුලි මස පළමු වනදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
එම මස 21 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 05ක් තරග වැදීමට නියමිතයි.
එහි දී තරග 24ක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.
පළමු වටයේ තරග 20ක් පැවැත්වෙනවා.
අවසන් මහා තරගය, සුදුසුකම් ලැබීමේ තරග දෙක සහ පරාජිතයා පිටුදැකීමේ තරගය ඇතුළු තරග හතරක් අවසන් වටයේ දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 20 දෙනෙකු නියෝජනය කළ යුතුයි.
ඉන් ක්‍රීඩකයින් හය දෙනෙකු විදේශ ක්‍රීඩකයින් විය යුතු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…