ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ, සඳහා පසුගිය දා රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ද ලැබුණු බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරනවා.
ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්යක්ෂ (සැලසුම්) සහ ගණකාධිකාරී යන මාණ්ඩලික නිලධාරී තනතුරු සඳහා මෙම මාසික දිරි දීමනාව ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ, අනුව ප්‍රාදේශීය ලේකම් තනතුර සඳහා රුපියල් 15,000ක මුදලක් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්යක්ෂ (සැලසුම්) සහ ගණකාධිකාරී යන තනතුරු සඳහා රුපියල් 10,000ක මාසික දිරි දීමනාවක් හිමිවනු ඇති බව සඳහන් වනවා.
මෙම මාසික දිරි දීමනාව මාර්තු මාසයේ සිට මෙම වසරේ දෙසැම්බර් මාසය දක්වා ගෙවීමට තීරණය කර තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…