රත්නපුර – ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබේ.
ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව එම ස්ථානයෙන් මුදාගෙන රෝහල්ගත කිරීමට මස්කෙළිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පියවර ගෙන ඇත.
මෙසේ තුවාල ලබා ඇත්තේ, ඉන්දියාවේ මුම්බායි, මහාරාෂ්ට්‍ර හි පදිංචි භාරත් චන්ද්‍රදාස් නැමති 25 හැවිරිදි තරුණයෙකි.
තුවාලකරු තවත් පිරිසක් සමග රත්නපුර – ශ්‍රී පාද මාර්ගය ඔස්සේ ශ්‍රී පාද උඩමළුව වෙත ගමන් කරමින් සිටිය දී අද (29) අලුයම 4.45ට පමණ මෙම අනතුරට මුහුණදී තිබිණි.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වු ශ්‍රී පාද උඩ මළුව පොලිස් මුරපොලේ නිලධාරින් විසින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් දැනුවත් කිරීමෙන් පසු මහත් පරිශ්‍රමයක් දරා ප්‍රපාතයට වැටී සිටි තරුණයා බේරාගැනීමට සමත්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිස් ස්ථානය දැනුවත් කර තුවාලකරු සමග පැමිණි පිරිස නල්ලතන්නිය දක්වා රැගෙන යෑමට කටයුතු කර තිබේ
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…