සමුපාකාර තොග වෙළද සංස්ථාවේ ප්‍රවාහන අංශය දිගින් දිගටම පාඩු ලබමින් පවතින අතර ඉකුත් වසර හතර තුළ (2019 සිට 2022) රුපියල් විසි හය කෝටි,හැත්තෑ තුන් ලක්ෂ, දාහතර දහස්,නවසිය තිස් දෙකක (267,314,932) පාඩුවක් ලබා ඇති බවත් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
2022 වර්ෂය තුළ පමණක් සමුපාකාර තොගවෙළඳ සංස්ථාවේ ප්‍රවාහන අංශය ලබා ඇති අලාභය රුපියල් හත් කෝටි, පනස් එක් ලක්ෂ හතලිස් තුන්දහස්,හත්සිය අසු හතකි (75,143,787). 2021 වර්ෂයට සාපේක්ෂව 2022 වර්ෂයේ සතොස ප්‍රවාහන අංශය ලබා ඇති අලාභය රුපියල් දෙකොටි, පනස්එක් ලක්ෂ, විසිහතර දහස්, නවසිය හතලිස් නවයකින් (25,124,949) වැඩිවි ඇත. සතොස ප්‍රවාහන අංශය 2019 වර්ෂයේ දි රුපියල් හයකෝටි, අනු හත් ලක්ෂ ,හතලිස් දෙදහස්,අටසිය හැට තුනක(69,742,863) අලාභයක් සහ 2020 වර්ෂයේ දි හත්කෝටි,විසිහතර ලක්ෂ, නමදහස් හාරසිය හතලිස් හතරක (72.409,444) පාඩුවක් ලබා ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ.
අරමුණු කාර්යක්ෂමව හා ඵලදායීව ඉටුකරගත යුතු බැව් විගණනය මගින් නිර්දේශකොට ඇත. මේ සඳහා සමුපාකාර තොග වෙළඳ සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට පිළිතුරු සපයා නොතිබුණි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…