Onmax DT සමාගමේ වංචාවට අසුවූ කිහිප දෙනකු මේ වනවිට සියදිවි හානි කරගෙන ඇති බව එම තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක විජේවර්ධන පවසනවා.
මුදල් අහිමි වීම හේතුවෙන් ඇති වූ කම්පනය නිසා මෙසේ පුද්ගලයින් සිය දිවි හානි කර ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
එමෙන්ම ඔහු පවසන්නේ බොහෝ පුද්ගලයින් මේ සඳහා මුදල් ආයෝජනය කර ඇත්තේ තම රන් ආභරණ හා ඉඩකඩම් පවා උකස් කර ලබා ගත් මුදල්වලින් බවයි.
එම ආයතනය ලක්‍ෂ හතරකට අධික පිරිසකගෙන් රුපියල් කෝටි 3500කට අධික මුදල් තැන්පත් කරගෙන තිබෙනවා.
Onmax DT සමාගම විසින් වංචා කර ඇති මුදල් අතරින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට සොයාගෙන ඇත්තේ ඉතා සුළු කොටසක් පමණක් වන අතර තවත් විශාල දේපළ ප්‍රමාණයක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට විමර්ශන නිලධාරීන්ට නොහැකි වී ඇති බවයි එහිදී අදහස් දක්වමින් තැන්පත්කරුවන්ගේ නියෝජිතයන් සඳහන් කළේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…