මාබිම ප්‍රදේශයේ තිබෙන පෞද්ගලික ආයතනයක අලුත්වැඩියා අංශයේ සේවකයකුගේ ගුද මාර්ගයට විහිළුවට හුළං බටයක් ඇල්ලීමෙන් බඩවැල් පිපිරී එම පුද්ගලයා මරුමුවට පත්වී ඇත.
මීට සම්බන්ධ සේවකයන් දෙදෙනකු සපුගස්කන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ එම ආයතනයේ සේවය කළ පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දේශාත් මධුශංක නමැති විසිහතර හැවිරිදි තරුණයෙකි.
ඉකුත් සඳුදා (25 වැනිදා) දහවල් එම ආයතනයේ සේවකයන් දෙදෙනකු විසින් විහිලුවට මියගිය සේවකයාගේ ගුද මාර්ගයට හුළං බටයක් අල්ලා තිබෙන අතර එයින් අසාධ්‍ය තත්ත්වයට පත් වූ ඔහු රාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (28 වැනිදා) රාත්‍රියේ මියගොස් තිබේ.
මියගිය සේවකයාගේ මරණ පරීක්ෂණය ඊයේ (29 වැනිදා) රාගම රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණේය.
අත්අඩංගුවට ගත් සැකකාර සේවකයන් දෙදෙනා තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචි දහඅට වන වියේ පසුවන්නන් වන අතර ඔවුන් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරගෙන යයි
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…