ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරු දැරූ තිදෙනෙකු ඉන් ඉවත් කර තිබෙනවා.
ඒ, අද (30) රැස්වූ පක්ෂ විධායක සභාව විසින්.
එහි දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධුරයෙන් දුමින්ද දිසානායක මහතාව ඉවත් කර ඇති බව සඳහන්.
එමෙන් භාණ්ඩාගාරික ධුරයෙන් ලසන්ත අලගියවන්න සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ මහින්ද අමරවීර යන මහත්වරුන් ඉවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් රැස්වී අදාළ තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඉන් අනතුරුව හිස් වූ ධුර සඳහා නව පත් කිරීමට සිදු කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායකවරයා ලෙස පත් කර ඇත්තේ, කේ.පී ගුණවර්ධන මහතායි.
ඔහු මීට පෙර මහියංගනය ආසන සංවිධායක ලෙස කටයුතු කළා.
පක්ෂයේ නව භාණ්ඩාගාරික ලෙස බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ මහතා පත් කර ඇති බව සඳහන්.
ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස සරත් ඒකනායක මහතාව පත් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…