මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 25ක් අද (30) දින අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර ඇති නල මාර්ගයක සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තත්ත්වය මතුව තිබේ.
ඒ අනුව, වැල්ලවත්ත සහ කොටුව අතර දුම්රිය ධාවනය එක් මන්තීරුවකට සීමා කිරීමට සිදුව ඇති බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එම නඩත්තු කටයුතු ඊයේ (29) ආරම්භ කල අතර, ඒ අනුව, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර, හෙට (31) දිනයේ දී ද මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු යම් තරමකට ප්‍රමාද විය හැකි බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…