අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු.07කින් අඩුකර ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 440ක්. මෙය මීට පෙර පැවතියේ රුපියල් 447ක් ලෙසින්.
එමෙන්ම සුපිරි ඩීසල් ලීටරයක මිල රු.72කින් පහළ දමා තිබෙනවා. ඒ අනුව රුපියල් 458ක්ව පැවැති මෙහි නව මිල වන්නේ රුපියල් 386ක්.
එමෙන්ම භූමිතෙල් ලීටරයක්ද රුපියල් 12කි පහත දමා ඇත. රුපියල් 257ව පැවැති මෙහි නව මිල වන්නේ රුපියල් 245කි.
කෙසේ වෙතත් මෙම මිල සංශෝධනය අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල සංශෝධනයක් සිදු නොවේ.
ඒ අනුව ඔක්ටේන් 92 රුපියල් 371ක් වූ පැවැති මිල යටතේද, රුපියල් 363ක්ව පැවැති ලංකා සුදු ඩීසල් ලීටරය තව දුරටත් එම මිල ගණන් යටතේම ක්‍රියාත්මක වනු ඇත.
මේ අතර සිපෙට්කෝ මිලට සමාන වන අයුරින් LIOC සමාගමද ඔවුන්ගේ මිල ගණන් මේ ආකාරයෙන්ම සංශෝධනය කර තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…