විදේශ

විසි පස් වසරකට හිරේ යන ක්‍රිප්ටෝ කරන්සි රජු සෑම් බෑන්ක්මන්ගේ කතාව!

අසාර්ථක වූ ක්‍රිප්ටෝ හුවමාරු සමාගමක් වන FTX හි සම නිර්මාතෘවරයෙකු වන සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් හට, ඔහුගේ සමාගමේ ගනුදෙනුකරුවන්ට සහ ආයෝජකයින්ට වංචා කිරීමේ වරදට වසර 25 ක සිරදඬුවමක් නියම කර ඇති බව වාර්තා වනවා. සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් හැඳින්වෙන්නේ ක්‍රිප්ටෝ කරන්සි රජු ලෙසයි.

FTX ට්‍රේඩිං ලිමිටඩ් එනම් සාමාන්‍යයෙන් FTX ලෙස හැඳින්වෙන සමාගම, වංචාකාරී මුදල් හුවමාරුවක් සහ ක්‍රිප්ටෝ හෙජ් අරමුදලක් පවත්වාගෙන ගිය වර්ථමානය වනවිට බංකොලොත් බවට පත් වූ සමාගමක්. 2019 වසරේ දී සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් සහ ගැරී වැන්ග් විසින් ආරම්භ කරන ලද එම සමාගම 2021 වසරේ ජූලි මාසය විට මිලියනයකට අධික පරිශීලකයින් සිටි තුන්වන විශාලතම මුදල් හුවමාරු කිරීමේ සමාගමක් ව පැවතියා.එහි මූලස්ථානය බහමාස් හි පිහිටා තිබෙනවා.

2022 වසරේ FTX සමාගමේ බිඳ වැටීම සිදු වූ අතර එලෙස බිඳ වැටීමට පෙර ෆ්‍රයිඩ් ගනුදෙනුකරුවන්ගෙන් බිලියන ගණනක් සොරකම් කර ඇති බව සොයා ගැනීමට හැකිව තිබෙනවා. වාර්තා වන පරිදි, ඔහු ගනුදෙනුකරුවන්ගෙන් ඩොලර් බිලියන 8 කටත් වැඩි ප්‍රමාණයක් ලබා ගත් ආකාරය සහ දේපළ මිලදී ගැනීමට මුදල් යෙදවූ ආකාරය විස්තර කරන ලද නඩු විභාගයකින් පසුව වංචා සහ මුදල් විශුද්ධිකරණය කිරීමේ කුමන්ත්‍රණය ඇතුළු චෝදනා මත නිව්යෝර්ක් හි ජූරි සභාවක් විසින් පසුගිය වසරේ ඔහු වරදකරු කර තිබෙනවා.

32 හැවිරිදි වියේ පසුවන සෑම් ෆ්‍රයිඩ් වරක් ෆෝබ්ස් සඟරාව මඟින් 41 වන ඇමරිකානු ධනවතා ලෙස ශ්‍රේණිගත කිරීම්වල දක්වා තිබූ බව සඳහන් වනවා.

කෙසේ වෙතත් පසුගිය බ්‍රහස්පතින්දා දින ඔහුගේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන අවස්ථාවේ විනිසුරුවරයා ෆ්‍රයිඩ්ගේ හැසිරීම පිළිබඳව දක්වමින් එය වැරද්දක් බවත් සාපරාධී ක්‍රියාවක් බවත් ඔහු දැන සිටි නමුත් ඔහු කිසිවක් පිළිනොගන්නා බව පවසා තිබෙනවා.

සැබවින්ම ෆ්‍රයිඩ් තම ගනුදෙනුකරුවන්ට සිදු වූ පාඩු පිළිබඳව තමා ශෝක වන බව පවසා ඇතත්, තමා කල අපරාධය ගැන කිසිවිටෙක පසුතැවිලි වන බවක් ප්‍රකාශ කර නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

ඔහුට ලැබුනු වසර 25 ක සිර දඬුවම, බරපතල සිර දඬුවමක් වන නමුත් එය ඇමරිකානු රජයේ නිල මාර්ගෝපදේශය යටතේ ඔහුට ලැබිය යුතුව තිබූ වසර 100 ක සිර දඬුවමට වඩා බෙහෙවින් අඩු බව සඳහන් ව තිබෙනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago