ශ්‍රී ලංකා

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරු තිදෙනෙක්ට වරෙන්තු !

බිලියන 3.5 ක වැට් බදු ගෙවීම් පැහැර හැරීමේ චෝදනා ලබා සිටින ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා (01) අද නියෝග කර තිබෙනවා.

දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා පැවරූ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව අර්ජුන් ජෝසප් ඇලෝසියස් , ඇන්තනී රන්දෙව් දිනෙන්ද්‍ර ජෝන් හා කුමාරසිරිද සිල්වා යන අධ්‍යක්ෂකවරුන් තිදෙනාට මෙසේ වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

2016 සහ 2019 අතර කාලය සඳහා රජයට අය විය යුතු රුපියල් 3555488597.00ක වැට් බදු මුදල් ගෙවන ලෙසට විත්තිකාර අධ්‍යක්ෂකවරුන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් 2020 වර්ෂයේ මහේස්ත්‍රාත් අධිකරයේ නඩු පවරා තිබුණා.

අදාළ නඩුව විභාග කිරීමෙන් අනතුරුව පසුගිය (2023) වසරේදී තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති මහේස්ත්‍රාත්වරයා අදාළ බදු මුදල් ගෙවන ලෙසට නියෝගයක් නිකුත් කර තිබෙනවා

ඒ අනුව, එම නියෝගය ප්‍රකාරව කටයුතු නොකිරීම සහ අද දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කෙරුණා.

මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයට එරෙහිව විත්තිකරුවන් විසින් මහාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවට ඊයේ අධිකරණයේදී කරුණු ඉදිරිපත් කෙරුණා.

නඩුවේ වැඩිදුර විභාගය මැයි මස 06 වැනි දිනට කල් තබා තිබෙනවා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago