විදේශ

තායිවානයට ප්‍රබල භූ කම්පනයක් – ජපානය සහ පිලිපීනය කැළඹෙයි !

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ රික්ටර් මාපකයේ 7.4 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

එය වසර 25කට පසු තායිවානයේ සිදු වූ ප්‍රබලතම භූමිකම්පාව වන බවයි එරට භූ කම්පන විද්‍යා නිලධාරීන් ප්‍රකාශ කළේ.

ඒ හේතුවෙන් ජපානයට ද සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

මෙම භූ කම්පනයේ බලපෑම වඩාත් ගැඹුරු වනු ඇති බවට ජපාන කාලගුණ ඒජන්සිය විසින් පුරෝකථනය කර ඇති අතර ඔවුන් ප්‍රකාශ කරන්නේ ජපානයේ නිරිතදිග වෙරළ තීරයේ විශාල ප්‍රදේශයකට මීටර් 3ක් දක්වා සුනාමි රළ ළඟා වනු ඇති බවයි.

ඒ අනුව ජපානයේ නිරිත දෙසින් පිහිටි ඔකිනාවා වෙරළබඩ ප්‍රදේශයේ ජනතාව සිය වාසස්ථානවලින් ඉවත් කිරීමට උපදේශන ද මේ වනවිට නිකුත් කර තිබෙනවා.

පිලිපීනයේ භූ කම්පන ඒජන්සිය ද සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව සඳහන්. චීන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේ චීනයේ ගිනිකොනදිග ෆුජියන් පළාතේ ඇතැම් ප්‍රදේශවලට ද මෙම කම්පන දැනුණු බවයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago