ශ්‍රී ලංකා

හිරේ ඉන්න කෙහෙළියගේ නම නිසා පාසලක් අවුලක – ගුරු සංගම් නඩු යන්න සැරසෙයි !

ජීවත්ව සිටින පුද්ගලයින් නමින් පාසල් නම් කළ නොහැකිව තිබියදීත් මහින්ද රාජපක්ෂ, සරත් ඒකනායක, කෙහෙළිය රඹුක්වැල්ල ඇතුලු දේශපාලකයින් රැසක් තම නම් වලින් පාසල් නම් කරගෙන තිබෙනවා.
ජීවත්ව සිටින පුද්ගලයින් ගේ නමින් පාසල් නම් කළ නොහැකි බව පාසල් ව්‍යුහ කටයුතු පිළිබඳ උපදෙස් සංග්‍රහයේ විධිවිධාන මගින් පැහැදිලිව පෙන්වා දී තිබිය දී මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම හා තෙල්දෙණිය අධ්‍යාපන කලාපවල පාසල් තුනකට හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල හා මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන අයගේ නම් යෙදීම නීතියට හා පිළිගත් ක්‍රමවේදයට පටහැනි අත්තනෝමතික ක්‍රියාවක් බව දන්වමින් එම විද්‍යාලයන්ට යොදා ඇති දේශපාලනඥයින් ගේ නම් කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස දන්වා ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් නිතීඥයෙකු මගින් මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත එන්තරවාසියක් යොමුකර තිබේ.
එම විද්‍යාලයන්ට යොදා තිබෙන දේශපාලනඥයින් ගේ නම් ඉවත් කර පෙර පැවැති නම් වලින් පාසල් පවත්වාගෙන යාමට ක්‍රියා කරන ලෙස සිසු පරපුර වෙනුවෙන් ඉල්ලා සිටින බවත් අදාළ නම් ඉවත් කිරීමට කටයුතු නොකරන්නේ නම් නීති මගින් කටයුතු කරන බවත් නීතීඥ සමිත විජේනායක යොමුකර තිබෙන එන්තරවාසියේ දැක්වේ. මේ

සම්බන්ධයෙන් ගන්නා පියවර සති දෙකක් ඇතුළත දැනුම් දෙන ලෙස ද එහි සඳහන් කර ඇත.
වත්ගේම අධ්‍යාපන කලාපයේ පිහිටි කුණ්ඩසාලේ ප්‍රාථමික විදුහල මේ වනවිට කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රාථමික විදුහල ලෙස ද තෙල්දෙණිය අධ්‍යාපන කළාපයේ උඩුදුම්බර ප්‍රාථමික විදුහල සරත් ඒකනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය ලෙසින් ද උඩුදුම්බර මිණිපේ ප්‍රාථමික විදුහල සරත් ඒකනායක ප්‍රාථමික විදුහල ලෙස ද නම් කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් පවසයි.
මෙයට අමතරව මහින් ද රාජපක්ෂ ගේ නමින් ද දිවයිනේ ප්‍රදේශ කිහිපයකම පාසල් නම්කර තිබෙන බවත් අධ්‍යාපන බලධාරීන් චක්‍ර ලේඛනවලට පටහැනිව සිදු කරන මෙම විකාර ක්‍රියා වහා නතර කළ යුතු බවත් ඔහු පැවසුවේය.

ජීවතුන් අතර සිටින පුද්ලයෙකු නමින් පාසලක් නම් නොකිරීමට තීරණය කර තිබෙන්නේ එම පුද්ගලයා මිය යාමට පෙර සමාජයට අවආදර්ශයක් සපයන ක්‍රියාවක කළහොත් එමගින් පාසලට අගෞරවයක් වීම වැලක්වීමට බවත් මේ වනවිට කෙහෙලිය රඹුක්වැල්ල හිටපු ඇමැතිවරයා බරපතළ චෝදනාවකට ලක්ව බන්ධනගාර ගතව සිටින බවත් කී ජෝෂප් ස්ටාලින් යම් හෙයකින් ඔහු අධිකරණය විසින් වරදකරුවෙකු ලෙස නම් කළහොත් කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරුවන් හා ඔවුන් ගේ දෙමව්පියන් පත්වන අසීරුතාව අධ්‍යාපන බලධාරීන් තේරුම් නොගැනීම කනගාටුවට කරුණක් බවත් ප්‍රකාශ කළේය.

අදාළ එන්තරවාසියේ පිටපතත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත ද යොමුකර තිබේ.
එහි සඳහන් කරුණු සම්බන්ධව අදාළ චක්‍ර ලේඛන විමසා බලා වාර්තාවක් ලබාදෙන ලෙස ආණ්ඩුකාරවරයා ගේ උපදෙස් මත ආණ්ඩුකාරවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරි පී.එන් විජේරත්න පළාත් අධ්‍යාපන ලේකම්වරයාට දැනුම් දී ඇත.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago