ශ්‍රී ලංකා

පාඩම් අමතකයි කියා දෙවන වසරේ සිසුවෙකුට අමානුෂිකව පහර දුන් ගුරුවරියක් අත් අඩංගුවට !

වවුනියාවේ සුන්දරපුරම් විදුහලේ දෙවන වසරේ කුඩා ශිෂ්‍යයෙකුට අමානුෂික ලෙස පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ ගුරුවරියක් ඊයේ ( 7 ) වවුනියාව ඊච්චන්කුලම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
එම සිසුවාට කලින් දිනයේ කියා දුන් පාඩම් මතකයේ නොතිබූ බව කියමින් එම ගුරුවරිය සිසුවාට පහර දී තිබූ අතර එම පහර දීම නිසා සිසුවාගේ ඇස් වලට හිසට කම්මුලට තුවාල සිදුව ඇත.

දෙමව්පියන් මුලින්ම පාසලට ගොස් තම පුතාට පහර දුන් බව කියන ගුරුවරිය හමු වී තොරතුරු විමසද්දී එම ගුරුවරිය දෙමව්පියන්ටද බැන වැදී තිබේ.

පසුව ඔවුන් සිසුවා ප්‍රතිකාර සදහා වවුනියාව මහ රෝහලට අතුළත් කිරීමෙන් පසුව වවුනියාව රෝහල් පොලීසිය විසින් සිදු කළ මූලික පරීක්ෂණවලින් පසුව ඊච්චන්කුක්ලම පොලිසිය විසින් සැකකටයුතු ගුරුවරිය අත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් ගුරුවරිය වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණවලට අමතරව මානව හිමිකම් කොමිෂන් සභාවද වවුනියාව කලාප අධ්‍යාපන කාර්යාලයද පරීක්ෂණ ආරම්භ කොට ඇත.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago