ජනාධිපති රනිල් වික්‍රමසිංහ අලියා හෝ පොහොට්ටුව යන ලකුණු හැර සම්පූර්ණයෙන්ම අලුත් ලකුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ ඇති බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ පවසයි.
ජනාධිපති වික්‍රමසිංහ ජාතික අපේක්ෂකයකු ලෙස පක්ෂ ගණනාවක් නියෝජනය කරනු ඇති බව මහාචාර්ය මාරසිංහ මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.
“අලියා ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් වික්‍රමසිංහට සහය දීම සම්බන්ධයෙන් තමා ඇතුළු බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් තිබෙන බව ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා වැනි අය කියා තිබෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ අපිටත් ප්‍රශ්නයක් තියෙනවා එතුමා පොහොට්ටුවෙන් තරග කිරීම ගැන. ඒ නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අලුත් ලකුණකින් තරග කරන්න බලාපොරොත්තු වෙනවා.”
යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇත.
ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ සියයට 80කට වැඩි පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරන බවද ඔහු පැවසීය.
“සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේයන දෙකම එකතු විය යුතු බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල ඉදිරිපත් කළ යෝජනාව අපි සාදරයෙන් පිළිගන්නවා. එවැනි පියවරකට එරෙහිව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස තීරණය කළත් සමගි ජන බලවේගයේ අනෙකුත් අය ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දෙයි කියලා අපි අපේක්ෂා කරනවා,”
යැයි ඔහු පැවසීය.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම එකම දිනයක පැවැත්වීමට නොහැකි බවද ඔහු පවසයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…