ශ්‍රී ලංකා

ධීවර කොල්ලයට පැමිණි ධීවරයින් දෙපිරිසක් මුහුද මැද මරා ගනී – 7කට තුවාලයි !

නීති විරෝධී ලෙස උතුරු මුහුදට පැමිණ කච්චතීව් දූපතට නුදුරින් වූ මුහුදේ මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් දෙපිරිසක් අතර ඊයේ (10) ඇතිවූ ගැටුමකින් දෙපාර්ශ්වයේම ධීවරයින් 7 දෙනෙකු තුවාල ලබා තිබේ.
මේ තුවාලකරුවෝ හත් දෙනාම මේ වන විට රමේස්වරන් රෝහලේ ප්‍රතිකාර ලබති.

මේ අන්දමට ගැටුමක් ඇති කරගෙන ඇත්තේ රමෙසේස්වරන් හා රාමනාදන්පුරම් ප්‍රදේශවල ධීවරයින් දෙපිරිසක් වන අතර එම ගැටුමට හේතුව වී ඇත්තේ රමේසේස්වරන් ධීවරයින් පිරිසක් මීට සතියකට පමණ ඉහතදී රාමනාදන්පුරම් ධීවරයින් විසින් අල්ලා ගන්නා ලද මසුන් කිලෝ ග්‍රෑම් 750ක පමණ ප්‍රමාණයක් හොරකම් කිරීමේ සිද්ධියක් බවට තොරතුරු ලබී තිබේ.

එම ධීවරයින් දෙපිරිස උතුරු මුහුදු තීරයේදී එකිනෙකාට හමු වීමෙන් පසුව ධීවරයින් පිරිසක් අනෙක් පිරිස පැමිණි බෝට්ටුවට පැන ඔවුන්ට පහර දී තිබේ.

ඒ ආකාරයටම අනෙක් බෝට්ටුවේ සිටි පිරිස්ද ප්‍රහාර එල්ල කිරීම නිසා ධීවරයින් තුවාල ලබා තිබේ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago