අවිස්සාවේල්ල පොලිස් වසමේ මනමේන්ද්‍ර මාවතේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටි තරුණියක් අභිරහස් ලෙස මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ 23 හැවිරිදි වලපනේ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
මියගිය තරුණිය පුද්ගලයෙකු සමග ඊයේ(10) සවස අදාළ හෝටලයට පැමිණ එහි කාමරයක නවාතැන්ගෙන ඇති අතර, ඊට ටික වේලාවකට පසුව ඇය සමග සිටි පුද්ගලයා විසින් තරුණිය සිහිසුන්ව වැටී සිටින බවට හෝටල් කළමනාකාරීත්වය දැනුවත් කර තිබෙන අතර පසුව සිදුකළ දැනුම්දීමක් මත පොලීසිය එම ස්ථානයට පැමිණ තිබුණා.
මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ සිදුවීම වූ ස්ථානයේම ඇති අතර අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…