අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අප්‍රේල් මස 11 වැනි බ්‍රහස්පතින්දා දින නව සඳ බැලීම මැනවි.
අප්‍රේල් මස 11 වැනි බ්‍රහස්පතින්දා දින බෝ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා අපරභාග 09.05 ට සිංහල අලූත් අවුරුද්ද උදාවෙයි.
අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා අපරභාග 02:41 සිට අප්‍රේල් මස 14 වැනි ඉරිදා අලුයම 03:29 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා දින අපරභාග 02:41 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදෙනු මැනවී.
අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා රාත්‍රී 11:06 ට නීල වර්ණ වස්ත‍්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා තල උක් හකුරු මිශ්‍ර බතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි.
අප්‍රේල් මස 14 වැනි ඉරිදා පාන්දර 00.06 ට නීල වර්ණ වස්ත‍්‍රාභරණයෙන් සැරසී දකුණූ දිශාව බලා සියලූ වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.
අප්‍රේල් මස 15 වැනි සඳුදා පූර්ව භාග 10.17 ට ශ්වේත වර්ණ වර්ණ (සුදු පැහැති) වස්ත්රාභරණයෙන් සැරසී දකුණූ දිශාව බලා හිසට දිවුල්පත් ද පයට ඉඹුල්පත් ද තබා තෙල් සහ දිවුල්පත් මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි.
අප්‍රේල් මස 17 වැනි බදාදා දින පූර්වභාග 06.52 ට කොළ පැහැති වස්ත්රාභරණයෙන් සැරසී, ගිතෙල් හා හකුරු මිශ්‍ර කිරිබත් හා කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි.
අප්‍රේල් මස 18 වැනි බ්‍රහස්පතින්දා පූර්වභාග 10.16 ට රන්වන් පැහැති වස්ත්රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනවි.
එහෙනම්, ලබන්නාවූ නව වසර සිතුම් පැතුම් ඉටුවන නිරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවා! යි කියලා Ceylon News Factory අපි එක සිතින් ප්‍රාර්ථනා කරනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…