සුළි කුණාටුවක් සමග ඇද හැළුන අසාමාන්‍ය ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඩුබායි හි ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළු ඩුබායි බහරේන් සහ ඕමාන් රටවල විශාල භූමියක් ඊයේ (16) රාත්‍රියේ ජලයෙන් යට වී ගියේය.
ඊයේ රාත්‍රියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අධික වර්ෂාපතනයක් ඇද හැලීමත් සමඟ කාන්තාර රට වටා විශාල ගංවතුරක් ඇති වූයේය. ඩුබායි ගුවන්තොටුපල යටවන්නේ ඒ ගංවතුරේ ප්‍රතිඵලයක් ලෙසය.
මෙම යටවීමත් සමග වීමත් සමඟ ජාත්‍යන්තර මගීන් සඳහා ලොව කාර්යබහුලම ගුවන් මධ්‍යස්ථානයක්වන ඩුබායි ගුවන් තොටුපලට මිනිත්තු 25කට ආසන්න කාලයක් ගුවන් ගමන් අත්හිටවූයේ ය.
ඊයේ රාත්‍රි 7.26ට එම තාවකාලික ගුවන් මෙහෙයුම් අත්හිටුවීම තහවුරු කර තිබිණි.
අඟහරුවාදා සවස ගුවන් ගමන් 100 කට වැඩි සංඛ්‍යාවක් අපේක්ෂාවෙන් සිටි ගුවන් තොටුපළ, කුණාටුව නිසා ඇති වූ අවුල් සහගත තත්ත්වය තුළ සිය මෙහෙයුම් කෙටි කළේය.
කාලගුණ තත්ත්වය යහපත් වන තෙක් අඟහරුවාදා සවස පැමිණෙන ගුවන් ගමන් තාවකාලිකව හරවා යැවීමට ගුවන්තොටුපල බලධාරීහු තීරණය කළේය. පිටත්වීම් දිගටම ක්‍රියාත්මක වෙමින් පැවතිනි.
මැදපෙරදිග මූල්‍ය මධ්‍යස්ථානය වන ඩුබායි නගරය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේන් හරහා ගැලූ මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් අඩපණ වුනේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…