ක්‍රිකට්

නොදැවී ලකුණු 195යි – චමරිගේ යෝධ ඉනිමෙන් වාර්තා රැසක් සමඟ එක්දින තරගාවලිය සමවෙයි !

තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතර එක්දින තරගාවලිය 1 – 1 ලෙස සම කරමින් අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. අද (17) පැවති තෙවන එක්දින තරගය කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා රැසක් අලුත් කල තරගයක් වූ අතර, ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු විසින් පන්දු 139කදී නොදැවී ලබාගත් වේගවත් ලකුණු 195 නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර පහක් ඉතිරිව තිබියදී පහසු ජයක් හිමිවිය.

තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීම තෝරාගනු ලැබිය.

පළමු ඉනිමේදී දකුණු අප්‍රිකානු කාන්තා පිල පන්දුවාර 50.0කදී කඩුලු පහක් දැවී ලකුණු 301ක් රැස්කළ අතර, ලෝරා වොල්වාඩ්ට් පන්දු 147කින් වේගවත් 184ක් සහ මරිසන් කැප් පන්දු 34කින් ලකුණු 36ක් රැස් කළහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ කවිෂා දිල්හාරි ලකුණු 47කට කඩුලු 2ක් ද, චමරි අතපත්තු ලකුණු 59කට කඩුලු 1ක් ද දවා ගත්හ.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 44 පන්දු 3කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 305ක් රැස්කරමින් එම ඉලක්කය පසුකර ගියේය. චමරි අතපත්තුගේ විශිෂ්ට ඉනිමට අනගි සහයක් ලබාදෙමින් නිලක්ෂි ද සිල්වා පන්දු 71ක් තුල ලකුණු 50 රැස් කළේය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් අයබොංගා කාකා ලකුණු 54කට කඩුලු 2ක් ද, නදීන් ඩි ක්ලර්ක් ලකුණු 59කට කඩුලු 1ක් ද බිඳ දැමූහ.

මෙම හඹා යෑමත් ජාත්‍යන්තර එක්දින තරගයක හඹායාමකදී වාර්තා කළ ඉහළම පෞද්ගලික ලකුණු ගණනේ වාර්තාව සිය නාමය ඉදිරියේ ලියවාගන්නට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු මෙම ඉනිමත් සමඟින් සමත් වුණා. ඇය විසින් බිඳ දැමුවේ මින් පෙර මෙග් ලෙනින් විසින් රැස්කළ ලකුණු 152ක වාර්තාවයි.

එමෙන්ම අන්තර්ජාතික එක්දින තරගයකදී ක්‍රීඩිකාවක් විසින් රැස්කළ තෙවන විශාලතම ඉනිම ලෙස ද චමරිගේ ඉනිම වාර්තා අතරට එක්වුණා.



චමරි අතපත්තුගේ ලකුණු 195 ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී කාන්තා ක්‍රීඩිකාවක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා අතරට එක්වුණා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම හඹා ගිය ලකුණු 302 වාර්තා අතරට එක්වුයේ කාන්තා එක්දින තරගයකදී හඹා ගිය වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.



තරගාවලියේ පළමු තරගය වර්ෂාව නිසා සේදී ගිය අතර, දෙවන තරගයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 7ක ජයක් වාර්තා කළා. තෙවන සහ තීරණාත්මක තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමඟ තරගාවලිය සම ලෙස අවසන් වුවා.

සිය හොඳම එක්දින ඉනිම වාර්තා කල චමරි අතපත්තු අවසන් තෙවන එක්දින තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූ අතර, තරහාවලිය පුරා පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 335ල් රැස්කළ දකුණු අප්‍රිකානු නායිකා ලෝරා වොල්වාඩ්ට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වුවා.

– ශාෂිංක විදුසර –




Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago