දේශපාලන

හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අධිකරණයෙන් නොතීසි!

මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත නොතීසි නිකුත් කර තිබේ.

ඒ, ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් විවේචනය කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් සම්බන්ධයෙනි.

ඌව පළාත් ආණ්ඩුකාර එම්. මුසම්මිල්ගේ පුත්‍රයා වන හාඩි ජමල්ඩීන් විසින් ගොනු කොට තිබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම නොතීසි නිකුත් කරනු ලැබුවා.

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුුවක චූදිතයකුට එම අධිකරණය මඟින් ඇප ලබාදීමේ සිද්ධියකට අදාළව මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදෙමින් අධිකරණ ක්‍රියාවලියට මැදිහත් වී අධිකරණ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් මහජනතාවගේ විශ්වාසය බිඳ දමා අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෙලෙස නොතීසි නිකුත් කොට තිබෙනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago