ශ්‍රී ලංකා

තෙවරක් පෙරන ලද පාලිත – දිවි ගමනට සමුදුන් ජනතා සේවකයා (VIDEO – X Opinion EP 01)

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අද (අප්‍රේල් මස 16 වෙනිදා) අභාවප්‍රාප්ත විය.

1960 මැයි මස 3 වැනිදා උපත ලැබූ පාලිත තෙවරප්පෙරුම මිය යන විට 64 වන වියේ පසුවිය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව ප්‍රකාශ කළේ මතුගම, යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අයත් පොල් වත්තක දී සිදුවූ අනතුරකින් පාලිත තෙවරප්පෙරුම ජිවිතක්ෂයට පත්වී ඇති බවයි.

” අපිට හරියටම කියන්න අමාරුයි සිදුවුණු අනතුර මොකක්ද කියලා. ඒ ගැන පරීක්ෂණයක් සිදුකරනවා.”

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

පාලිත තෙවරප්පෙරුම ගේ දේශපාලන ගමන් මග

පාලිත තෙවරප්පෙරුම 2002 වසරේ පැවති මැතිවරණයෙන් දේශපාලනයට පිවිසි අතර ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්වුයේ මනාප 7,000ක් ලබා ගනිමිනි.

පසුව ඔහු බස්නාහිර පළාත් සභාවට තේරී පත්වූ අතර, එම මැතිවරණයේදී ඔහු ලබා ගත් ජන්ද සංඛ්‍යාව 39,167කි.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් 2010 වසරේ පැවති මහ මැතිවරණයට කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කළ පාලිත තෙවරප්පෙරුම පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සමත් වුයේ මනාප 51,153 ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත්වෙමිනි.

2015 වර්ෂයේදී පැවති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වූ ඔහු මනාප 118,128 ක් ලබා ගනිමින් කළුතර දිස්ත්‍රික්කයේ තුන්වන ස්ථානයට පත්වෙමින් නැවත වරක් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මෙන්ම යහපාලන ආණ්ඩුව නියෝජනය කරමින් පාලිත තෙවරප්පෙරුම අවස්ථා කිහිපයකදී නියෝජ්‍ය අමාත්‍ය ධුර දැරිය.

2020 වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කළ ඔහුට නැවත පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව හිමි නොවූ අතර සක්‍රීය දේශපාලනයෙන් ද ඔහු ඈත්විය.

අමතක නොවන සිදුවීම්

දේශපාලඥයෙකු ලෙස පාලිත තෙවරප්පෙරුම ආන්දෝලනාත්මක සිදුවීම්වලට සම්බන්ධ වීම නිසා අවස්ථා කිහිපයක දී රක්ෂිත බන්ධනාගාර ගතවීමට පවා සිදුවිය.

2010 වසරේ පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වන විටත් පාලිත තෙවරප්පෙරුම දින 400 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේ දේශපාලන පලි ගැනීමේ සිදුවීමක් ලෙස එල්ල කෙරුණු චෝදනාවක් හේතුවෙනි.

2016 වසරේ දී කළුතර මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනා මත නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

ඒ එම පාසැලට සිසුන් කිහිප දෙනෙකු ඇතුලත් කර ගන්නා ලෙස ඉල්ලමිනි. එහිදී ඇතිවූ සිදුවීමේදී ඔහු ගෙල වැල ලා ගැනීමට උත්සාහ කරන ලදී.

2019 වර්ෂයේදී මතුගම, නෑබඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු මිය යෑමෙන් අනතුරුව එම වත්තේ පිහිටි සුසාන භූමියේ දේහය භූමිදානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාලිත තෙවරප්පෙරුම ඇතුළු පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ අධිකරණ නියෝගයක් කඩ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.

මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව තුළ දී ඇතිවූ ගැටුම්කාරී සිදුවීම් වලට සම්බන්ධවීම නිසා පාර්ලිමේන්තුව තහනමට ද ලක්වූ අවස්ථා කිහිපයකට ද මුහුණ දීමට පාලිත තෙවරප්පෙරුමට සිදුවිය.

ජනතාව වෙනුවෙන් කැපවී කළ සේවයන්

මන්ත්‍රීවරයෙකු ලෙස පමණක් නොව තමන්ට තනතුරු අහිමිව ගොස් තිබියදී පවා පාලිත තෙවරප්පෙරුම ජනතාවට සේවය කළ පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධ ය.

2020 වසරේදී ඇතිවූ කොවිඩ් වසංගතය සමග පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් අසරණ භාවයට පත්වූ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා ඔහු මුලිකත්වය ගෙන කටයුතු කරනු ලැබිය.

එමෙන්ම ගංවතුර ඇතුළු ස්වාභාවික ව්‍යවසනයන් හිදී අවතැන්වූ කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීම සඳහා ඔහු සක්‍රීයව කටයුතු කරනු ලැබීය.

2014 වසරේ ජුනි 15 සහ 16 වෙනි දිනවල බේරුවල සහ අලුත්ගම ප්‍රදේශවල හටගත් ගැටුම් මැඩ පැවැත්වීම සඳහා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාලිත තෙවරප්පෙරුම කටයුතු කරනු ලැබු ආකාරය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ පැසසුමට ඔහු ලක්විය.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago