කායික සබඳතාවයක් නොමැතිව අවුරුදු 13ක් පමණ වයසැති දැරියක් ගැබ් ගැනීමේ සිද්ධියක් පිළිබඳව වෛද්‍යවරු සහ හෙට්ටිපොළ පොලිසිය විසින් ඊයේ (19) විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
එහිදී කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළේ මෙම දැරිය දින කීපයක් තිස්සේ බඩ රිදෙන බව පැවසීම නිසා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවත්, වෛද්‍යවරයා කළ පරීක්ෂණ අනුව ඇයට මාස දෙකක දරු ගැබක් පිහිටා ඇති බවට අනතුරුව තොරතුරු අනාවරණය වූ බවයි.
මේ සම්බන්ධයෙන් දැරියගෙන් ප්‍රශ්න කර ඇතත්, ඇය මේ පිළිබඳව කිසිදු තොරතුරක් සඳහන් කර නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් දැරිය කුලියාපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර, ඇය කායික වශයෙන් එක්වීමක ලකුණු නැතැයි එහිදී අනාවරණය කරගෙන ඇති බවයි සඳහන්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…