ශ්‍රී ලංකා

හම්බන්තොට රෝහලේ තුන්වැනි විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයාත් පැදුරටත් නොකියා රට පනී !

හම්බන්තොට මහ රෝහලේ තෙවැනි විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයාත් නොදන්වා විදේශගත වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
එම රෝහලට අනුයුක්ත කළ විශේෂඥ නිර්වින්ද වෛද්‍යවරුන් දෙදෙනෙක් මීට පෙර ද රෝහල් බලධාරීන්ට නොදන්වා විදේශගත වී තිබිණි.

එම විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරු දෙදෙනා තමන් විදේශගත වූ පසු එ් බව රෝහලේ වෛද්‍යවරුන්ට කෙටි පණිවිඩයක් මගින් දැනුම් දී තිබිණි.

ඒ ආකාරයෙන්ම මෑතක දී රෝහලට පැමිණි විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයා ද විදෙස් ගත වී කෙටි පණිවිඩයක් මගින් තමන්ගේ විදෙස්ගතවීම දන්වා ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා ඇතැයි හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ අයන්ති ජයවර්ධන පවසයි.

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350ක් මේ වනවිට රට හැර ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකින් මේ වනවිට හෙළි කරගෙන ඇත.

මේ රට හැර යෑමෙන් වැඩි වශයෙන් බලපෑම් සිදුවී ඇත්තේ නිර්වින්දන සහ ළමා රෝග ක්ෂේත්‍රවලට බව ද එම අධ්‍යයනයෙන් හෙළි වී ඇත.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago