ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස නිතරඟයෙන් අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පත් කර තිබෙනවා.
ඒ අද (21) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව විසින් කැඳවා තිබූ රැස්වීමක දී යි.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීම කෝට්ටේ පිහිටි පෞද්ගලික හෝටලයකදී අද පෙරවරුවේ රැස්වුණා.
ඒ සඳහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල ඇතුලු පිරිසක් සහභාගි වෙනු ලැබුවා.
මේ අතර ඊයේ පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයා කැඳවූ බව කියන දේශපාලන මණ්ඩල රැස්වීම සම්බන්ධයෙන්ද ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරණතුංග සමග කටයුතු කරන පිරිස මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යානුකූල නොවන දේශපාලන මණ්ඩල රැස්වීමක් ඊයේ පවත්වා ඇති බවට එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක විසින්ද චෝදනා එල්ල කරනු ලැබුවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පක්ෂ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර ඇති පසුබිමකයි අද දිනයේද මෙලෙස නිදහස් පක්ෂ විධායක සභාව රැස්කරනු ලැබුවේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…