ශ්‍රී ලංකා

සහල් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ හාල් කිලෝ දහය දෙන්න අඩු ආදායම් ලාභින්ගෙන් මුදල් ගනී !

සහල් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ සහල් කිලෝ දහය ලබාදීමේදී එක් අඩු ආදායම්ලාභියෙකුගෙන් රුපියල් සීයක මුදලක් අය කර ගන්නා බව දිඹුලාගල මනම්පිටිය අඩු ආදායම්ලාභීහු චෝදනා කරති.
අවුරුදු උත්සවයක් සඳහා සහභාගි වන ආරාධිත අමුත්තන්ට සංග්‍රහ කිරීම සඳහා යැයි කියමින් මෙම මුදල එකතු කරන බව ද ඔවුහු පවසති.

මනම්පිටිය ග්‍රාමලධාරී කාර්යාලයේදී අද (22) තමන් වෙත සහල් කිලෝ දහයක ප්‍රමාණයක් ලබාදීමට නම් රුපියල් සීයක මුදලක් රැගෙන ආ යුතු බවට කුඩා ගම්මාන සමිතියේ සාමාජිකයන් තමන්ව දැනුවත් කළ බවද, එම මුදල ලබා දීමට අපොහොසත් අයට සහල් කිලෝ දහයක ප්‍රමාණය නොලැබෙන බවද අඩු ආදායම්ලාබීහු ප්‍රකාශ කරති.

අඩු ආදායම්ලාභී පවුල්වල පෝෂණ තත්ත්වය වර්ධනය කිරීම අරමුණු කරගත් සහල් බෙදාදීමේ ජාතික වැඩසටහනට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල සහ වැලිකන්ද යන කොට්ඨාසවල අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ දහයක ප්‍රමාණයක් ලබාදීමේ වැඩසටහන ඊයේ ( 21) ආරම්භ කරනු ලැබුවේය.

මේ පිළිබඳව 207 වසම බාරව රාජකාරී කරන සමෘද්ධි සංවර්ධන නිලධාරිවරිය සඳහන් කළේ සමෘද්ධිලාභීන් කුඩා ගම්මාන රැස්වීම්වලට සහභාගි නොවීම නිසා මාස පහක මුදල් එලෙස කුඩා ගම්මාන සමිතියේ මගින් එකතු කරන බවට තොරතුරු ලැබී ඇති බවය.

සමෘද්ධි කුඩා ගම්මාන සමිතියේ සභාපති ජී.පි. තුෂාරිගෙන් සඳහන් කළේ ඉදිරියේදී පැවැත්වෙන අවුරුදු උත්සවයට සහභාගි වන ආරාධිත අමුත්තන්ට සංග්‍රහ කිරීම සඳහා එවැනි මුදලක් එකතු කරන බවය.

ප්‍රාදේශීය ලේකම් එස්.එම්. අල් අමින්ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ එලෙස සහල් ලබාදීමේදී මුදල් එකතු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවත්, සත පහක්වත් , එකතු කිරීමට උපදෙස් ලබා නොදුන් බවත්, එලෙස මුදල් එකතු කරන්නේ නම් ඒ පිළිබඳ ලිඛිතව දැනුවත් කළහොත් ඔවුනට විරුද්ධව නීතිමය පියවර ගැනීමට තමන් සූදානම් බවත්ය.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago