ෆොක්ස් හිල් අනතුර සම්බන්ධයෙන් රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට !

දියතලාව, ෆොක්ස් හිල් මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් තරගකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

ඔවුන් දෙදෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල්ගතව ඇති අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසනවා.

අන්තරාකාරි ලෙස රිය ධාවනය යන චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේ.

2024 ෆොක්ස්හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙකුට දිවි අහිමි වුණා.

මෙම තරගය අතරතුර වම්පස ඉදිරියෙන්ම ධාවනය වූ මෝටර් රථය වේගය පාලනය කරගත නොහැකිව පෙරළී ගොස් තිබෙන අතර, දකුණු පස සිටි නරඹන්නන් පිරිසක් ධාවන පථය ආසන්නයටම පැමිණ තිබෙනවා.

තරගයේ පසුපසින් ධාවනය වූ තවත් මෝටර් රථයක් දකුණු පසින් පැමිණ තිබුණේ එම අවස්ථාවේදී යි.

එහිදී ධාවන පථය ආසන්නයටම පැමිණ සිටි නරඹන්නන් කලබලයට පත්ව තිබූ අතර, ඔවුන්ව මගහැර ධාවනය කිරීමට මෝටර් රථයේ රියැදුරු උත්සාහ කළ අවස්ථාවේ 160km/h ක අධික වේගයෙන් ධාවනය වෙමින් පැවති එම මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන නරඹන්නන් දෙසට පෙරලීයාමෙන් පුද්ගලයන් පස් දෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා.

අනතුරින් ජීවිත අහිමිවූවන් අතර කුඩා දියණියක්, ඇගේ මුත්තණුවන් මෙන්ම තරග නිරීක්ෂකයින් 04 දෙනෙක් ද ඇතුළත්.

තුවාල ලැබූවන් මේ වනවිට ප්‍රතිකාර සඳහා දියතලාව දිස්ත්‍රික් රෝහලට සහ බදුල්ල මහ රෝහල් වෙත යොමු කර තිබෙනවා.

ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලිසිය පැවසුවේ.

UPDATE – 11.02 (2024.4.22)

ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ ධාවන තරගයේදී සිදුවූ අනතුරට සම්බන්ධව අත්අඩංගුවට ගත් රියදුරන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රියෙල් 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග ක‍රනු ලැබුවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

24 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago