ශ්‍රී ලංකා

වෙස් මූණු බැඳන් එන පිරමීඩ ජාවාරම් ගැන මහ බැංකුවෙන් විශේෂ අනාවරණයක් !

පිරමීඩාකාර ක්‍රියාකාරකම්වල යෙදෙන බවට හඳුනාගත් තවත් ආයතන සහ යෙදවුම් 8ක් පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවට ලද පැමිණිලිවලට අනුව සිදුකළ විමර්ශනවලදීයි අදාළ ආයතන සහ යෙදවුම් පිළිබඳ අනාවරණ වී ඇත්තේ.

ඒවා මහ බැංකු පනතේ (83 ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව Beecoin App/Sunbird Foundation, Fast Win pvt ltd, Fruugo Oline App /Fruugo Oline pvt ltd, Genesis Business School /Era Miracle pvt ltf යන ආයතන සහ යෙදවුම් එලෙස මහ බැංකු පනතේ වගන්ති උල්ලංඝනය කරමින් පිරමිඩාකාර ව්‍යාපාර සිදුකර ඇති බව සඳහන්.

Isimaga International pvt ltd, Ledger Block, Qnet/Questnet සහ Ride to Three Freedom pvt ltd යන ආයතන සහ යෙදවුම්ද ඒ අතර වනවා.

එමෙන්ම මෙලෙස නම්කරන ලද පිරමිඩාකාර ආයතනවලට විරුද්ධව, බැංකු පනතේ (83 ඇ) වගන්තිය යටතේ අපරාධමය නඩු කටයුතු පැවරීම සළකා බලන ලෙස නීතිපතිවරයා වෙත ඉල්ලීම් යොමුකර ඇති බවද ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago