ශ්‍රී ලංකා

14 හැවිරිදි දැරියකගේ සති 30ක කළලයක් නැති කිරීමට අධිකරණයෙන් අවසර !

ස්ත්‍රී දූෂණයකට ලක්වූ 14 හැවිරිදි දැරියකගේ මානසික සහ ශාරීරික යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා ඇයට ගබ්සාවක් සිදුකිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වෙසෙන 14 හැවිරිදි දැරියක් සඳහා ගබ්සාවක් සිදුකිරීමට අවසර ලබාදීම සඳහා සම්පූර්ණ යුක්තිය ඉටුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අප්‍රේල් 22 වැනි දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 142 වගන්තිය යටතේ එහි බලතල භාවිත කර ඇතැයි ඉන්දීය ජනමාධ්‍ය පවසයි.

ලිංගික හිංසනයෙන් ගැබ්ගෙන ඇති ඇගේ කළලය සති 30කට ආසන්න බව ජනමාධ්‍ය වාර්තා පවසයි.

එහෙත් බාලවයස්කාර දැරිය ඇගේ තත්වය දැන ගෙන ඇත්තේ ඉතා ප්‍රමාදවීය.

ගැබ්ගැනීම අවසන් කිරීමේ (MTP) පනත මගින් විවාහක කාන්තාවන්ට මෙන්ම ස්ත්‍රී දූෂණයකට ලක්වූ අය ඇතුළු ආබාධිත සහ බාල වයස්කරුවන් වැනි විශේෂ කාණ්ඩවල සිටින අයට සහ වෙනත් අවදානමට ලක්විය හැකි කාන්තාවන් සඳහා ගබ්සා කළ හැකි සීමාව සති 24 ක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බැවින් මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් සහන ලබා දීම දුර්ලභ බව පැවසේ.

කෙසේවෙතත් මෙම නඩුවේදී, අපරාධයේ පළමු තොරතුරු වාර්තාව පවා ගබ්සා කිරීමට අවසර දී ඇති සති 24 සීමාවෙන් පසුව එනම් මාර්තු 20 දින පමණ ලියාපදිංචි කර ඇත.

ඉන්දීය අගවිනිසුරු ඩී. චන්ද්‍රචුඩ් සහ විනිසුරු ජේ. බී. පර්දිවාලාගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් “වින්දිත බාල දැරියගේ කැමැත්තට එරෙහිව ඇය දිගටම ගැබ් ගෙන සිටීම ඇගේ ශාරීරික හා මානසික යහපැවැත්මට බලපෑ හැකිය” යන වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශයට එකඟ වී තිබේ.

එමෙන්ම ගබ්සා ක්‍රියා පටිපාටියේ යම් අවදානමක් ඇති නමුත්, එය ගැබ් ගැනීමේ කාලය සම්පූර්ණ කළහොත් දරු ප්‍රසූතියේදී ඇති විය හැකි ජීවිත තර්ජනයට වඩා තර්ජනයක් නොවන බව වෛද්‍ය මණ්ඩලයේ මතය වූ බව අධිකරණය සඳහන් කළේය.

එමෙන්ම ගබ්සා ක්‍රියා පටිපාටිය, රැකවරණය සහ ඇයගේ පසු වියදම් දැරීමට ප්‍රාන්ත රජය එකඟ වී තිබේ.

මුම්බායි මහාධිකරණය අප්‍රේල් 4 වැනිදා ලබාදුන් නියෝගයක් මගින් බාලවයස්කාර දැරියට සහන ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු දැරියගේ මව මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබිණි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago