ශ්‍රී ලංකා

Fox Hill අනතුරට හේතුව සංවිධායක මණ්ඩලයේ නොසැළකිල්ල ද? (VIDEO – X Opinion EP 02)

දියතලාව Fox Hill හිදී ඊයේ (22) සිදු වූ අනතුර පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර සිටියේ විමර්ශනවලට අනුව මෝටර් රථ රියැදුරන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බවයි.

එමෙන්ම මෙම තරගාවලිය තුළ යම් නොසැලකිලිමත් ක්‍රියාවක් සිදු වෙලා තිබෙනවාද යන්න පිළිබඳව ද විශේෂ විමර්ශනයක් සිදු කරන බවද ඔහු සඳහන් කළා.

මෙම රියැදුරන් මේකට සහභාගී වී තිබෙන්නේ කෙසේද යන්න සොයා බලන අතර මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදෙව්වාද යන්න සොයා බැලීමේ අවශ්‍යතාවයක් ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම තරගාවලියක් තුල වුවත් යම් නීති රීති මාලාවක් තිබිය යුතු බවත් එම කරුණු නිසි පරිදි අනුගමනය කර නොමැති නම් ඔවුන්ට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහය යටතේ ක්‍රියා ක‍රන බවත් එම මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මහජනතාවගේ අරක්ෂාව පිළිබඳව සංවිධායක මණ්ඩලය අවධානය යොමු කර තිබුනා නම් මෙවැනි අනතුරකින් මෙවැනි තත්ත්වයක් ඇති නොවෙන බවයි.

එමෙන්ම යුධ හමුදාව මෙම තරගය සංවිධනාය කළ ද එය විමර්ශනවලදී අදාළ නොවන බවත් යම් අඩුපාඩුවක් සිදු වී ඇත්තන්ම් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago